යකින්නී පලවෙනි පාරට නොච්චියාගම ප්‍රදේශයේ ජීවත් වන මගෙ හිතවත් පුද්ගලයෙක්ට මුහුණ දෙන්න සිදු උන සත්‍ය සිදුවීමක් ගැන තමයි කියන්නෙ. පෞද්ගලිකත්වය රැකෙන පරිදි නම් පමණක් මනංකල්පිතයි.ඔහු මට විස්තරේ කිව්ව විදියටම කියන්නම්.. පොඩී(මට ඒ පැත්තෙ ගියාම කට්ටිය කතා කරන්නෙ එහෙම) ඔයා දන්නවනෙ අපේ ගෙදර තියන ප්‍රශ්න.තාත්තත් බොනවා..මල්ලිලා දෙන්න ඉස්කෝලෙ යවන්නත් ඕනෙ..ඉතිං මමත් යාළුවො එක්ක රස්තියාදු ගහන එක පැත්තකට දාලා නොච්චියාගම රංජිත් මහත්තයා ලගට ගියා ජොබ් එකක් හොයාගෙන..රංජිත් මහත්තයා කිව්වම ඒ පැත්තෙ කට්ටිය හොදට දන්නවා මොකද නොච්චියාගම අවට කඩ පිල්,බෙහෙත් සාප්පු,ගල් මෝල්,හාල් මෝල් වගෙ ගොඩක් බිස්නස් කරන්නෙ මහත්තයා තමයි. කොහොමහරි මහත්තයා මට මුලින්ම ජොබ් එකක් කියලා දුන්නෙ එයාගෙ තිබ්බ බැකෝ එකේ ඩ්‍රයිවර්ට අත් උදව්වට වගේ ඉන්න.ලොකු පඩියක් නම් මුලින් ලැබුනේ නෑ ඒත් කට්ට කාගෙන හිටියා..ටික දවසකින් මම මහත්තයා ලග නතර උනා මොකද සමහර දවස් වලට වැඩ ඉවර වෙලා එනකොට ගොඩක් රෑ වෙන හින්දා.ඔහොම යනකොට එතන හිටිය ඔක්කොම ෆිට් උනා.රංජිත් මහත්තයත් මට පස්සෙ හොදට සැළකුවා.මොකද මම වැඩ ඉක්මනට ඉවර වෙන දවස් වලට මහත්තයලගෙ අනික් වැඩ වලටත් උදව් ...